Sunday, March 17, 2013

මත්තල ජන කවි සංවාද..!

කැලේ කොලේ කකා නොඉඳ
රෑන පිටින් ගමට වදින
අලි සෙල්ලං නවත්තන්න
වැටක් තනන්නෙයි?

දෑත සත්තිමත් කොරාපු
පිනට අපේ ගමට වඩින
ශ්වේත හස්ති රජුට ඉන්ඩ
ගාල තනඤ්ඤයි!

යකඩ කුරුළු පාර මැදින්
කහ ඉරි නොබල ම පනිනා
නාඹර සියොතුන් ගස් බැඳ
මට්ටු කොරන්නෙයි?

හේන් රකිනු තවත් මොටද
එදා ඉඳන් කල විදියට
අපි ඇවිදින් කුලියට
සකලයන් අඹඤ්ඤයි!

රට ජාතිය බේර ගන්ඩ
අපේ වරිගෙ බෝ කරන්ඩ
රෑ පුරාම පහන් නිවාගෙන
දත කන්නෙයි?

බල සත්තිය පිරිමහන්ඩ
අපේ යුතුකොම ඇත කොරන්ඩ
එළි වෙන තුරු හීනෙන්
සුර ලෝකෙ බලඤ්ඤයි!
අලි නැට්ටේ ළඟදිම අපි 
ඒ ලොව යඤ්ඤයි!

10 comments:

  1. නියමයි..සුපිරියි..අතිවිශිශ්ටයි...!!!

    ReplyDelete
  2. //බල සත්තිය පිරිමහන්ඩ අපේ යුතුකොම ඇත කොරන්ඩ එළි වෙන තුරු හීනෙන් සුර ලෝකෙ බලඤ්ඤයි! අලි නැට්ටේ ළඟදිම අපි ඒ ලොව යඤ්ඤයි! //

    නියමයිනේ...කවි ටික කියවලා මට තනියෙන් හිනා..

    ReplyDelete
  3. ආය හෝදන්ට තියා කෙල ගාල පිහදාන්ට වත් දෙයක් ඉතුරු නෑ. කයි ටික නම් පස්ට ඇ

    ReplyDelete
  4. කට්ටියටම බොහොම ඉස්තූතියි කිව්ව එහෙනං!!

    ReplyDelete
  5. ...
    ඔයයිලාගෙ ඇස් ගෙඩිවල
    කටු ඇනෙන්නා වාගෙ මක්ක?
    මහ රජ්ජුරු උන්නාන්සෙ
    උඩින් වැඩලා උජාරුවට

    අලේ කොලා පාන්දරම
    ආස්යන්තරාවෙ නැගල
    අම්ම මුත්ත කාලෙකවත්
    අහල තිබුන දෙයක්ද බොල

    හින්නො පේලි පේලි ගියපු
    ගොං කවඩියො ගීත ගයපු
    කොම්බුට්ටෝ පාටකරපු
    බිමට උඩින් වඩ්නු බලනු

    බලාපන්කො වාසනාව
    පොඩ් බේබිත් එක් කොරගෙන
    ගරු සරු මද බිමට බහින
    ආස්චර්යෙ යාත්‍රාව

    තුහ් නොදකින් බොලාගෙ කට
    බොලා ආස්චර්ය නොදැක
    මක්කැයි අලි ගැන කියන්නෙ
    සකලයො ගැන මත දොඩන්නෙ

    හේන් රකින්නේ මක්කට?
    සකල හඹන්නේ මක්කට?
    කොටින්ම කිව්වොත් සරලව
    බත් කන්නෙත් අපි මක්කට

    සුර ලෝකෙට ගමන් යන්න
    ගමේ ඉඳන් ඇහැකි වෙන්න
    ආස්චර්යෙ තොට බලන්න
    දැක්කත් ඇති බඩ පිරෙන්න



    ReplyDelete
  6. අගේ ඇති කවි ටික...

    ReplyDelete
  7. පංකාදු පහයි, කොමෙන්ට් කරන්න පරක්කු උනා. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...