Sunday, March 31, 2013

සමාවන්න..!


නවතා දැමිමි වැයුම 
ඒ මන්ද්‍ර ශොකී ස්වරය 
හිතේ දුක දුරට පා කරවන 
නමුත් අසනා සවන් සූරන

දැන් ඉතින් එය අසා 
 නොබලන් මදෙස ඔය ලෙස 
බලාපොරොත්තු සහගත 
දිළිහෙනා ඇස් වලින් 
නැවුම් ස්වරයක් අයදින 

සමාවන්න,
අප මේ හමු වුනේ 
මා ඒ වීණාව 
ගඟට අතහැර 
එන අතර මඟ ය 


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...