Saturday, March 24, 2012

හෙට උදෙන්..

ගලා එන වැහිවතුර,
පියස්සේ කෙලවරින්..
තෙමා සෝදයි පොළව,
රිදුනු ඉර ගින්දරින්..
ඇදී ලියලන නැවුම්,
ළපටි තණ ගොබ අගින්..
දිලී පිණි කැට සිනා,
නගනු ඇත හෙට උදෙන්..

Saturday, March 17, 2012

මොහොතකට පසු...

අකුරු විසිරී ඇත,
අඳුරු කුටියෙහි දසත..

අමුණා කවි හුයක,
ඉවත ගිය එක් මොහොතක..

සීතල පොළව මත,
විහිදුවා උඩුකුරුව බඩවත..

අකුරු විසිරී ඇත,
අඳුරු කුටියෙහි දසත..

Tuesday, March 13, 2012

"විසංවාද"

මේක නම්,
වරදිලා වැදුනු,
වෙඩි උණ්ඩයක්..
වෙන්න බෑ..
ඔලුවටම,ඉලක්කෙට,
එවපු මූණිස්සමක්..
දුර ඉඳන් ආ එකක්,
හපොයි නෑ.. ලඟ ඉඳන්!
පණ ගිහින් වගෙ නේද?
තවම නෑ මයෙ හිතේ..
මොකද අපි කරන්නේ?
ආයෙමත් ඇහුව හැටි ..
අනවශ්‍ය ප්‍රශ්නයක්..
දෙකක් නෑ..
මේක නම්,
වරදිලා වැදුනු,
වෙඩි උණ්ඩයක්..

Friday, March 2, 2012

එකමත් එක හැඳෑවක..

පහත් වී හිරු හෙමිහිට..
සීරුවෙන්, ක්ෂිතිජය සිඹින විට..
රතුවුන හැටි ලැජ්ජාවට ..
මතකද.. හැන්දෑ අහසට..
Related Posts Plugin for WordPress, Blogger...