සඳ පහන...

සයිබර් පොතේ...කවි පිටුව...

විල් තෙම


මුහුණටම වීසිකල
ලොකු කුඩා කැට කැබලිති
ග්ලුප් හඬින් ගිලදමන
ඉගැඹුරු සුනිල විල්තෙම


සියුම් දිය රැල්ලකි
ගැටෙනා තැනින් ඉපදෙන
මඳ දුරක් දිවගොස්
බොඳවී මැකීයන


නැත අන් සලකුණක්
ඒ කිසි මිනිස් වෙහෙසක
මඳ මඳ ඉහල එසැවෙන
දිය කඳ පමණි අපමණ





ඍතුවෙන් ඍතුවට..



අප්‍රියෙල් අහස ඉඹ
පිපිරිලා කැබලිවෙමි
වෙසක් හුළඟක ඇලී
තැන නොතැන විසිර යමි
නිකිණි හිරු අබිමුවෙහි
උණුව දියවී ගලමි
දුරුත්තේ හීතලට
නිවී යළි කැටිගැහෙමි

ඒ කිසිම තොරතුරක්
කිසිවිටෙක නොසඟවමි
මුදා විසිතුරු සලුව
අගුලු නැති දොර හරිමි

මිදෙන මං පෙනි පෙනී
සුවපහසු මිහිදුමක
පටලැවෙමි..

කරගැට


ආකහේ නිල් පාට
ගොයම් ළා කොළ පාට
මජං කලු, බුලත් කෙළ
බිම අඳින රතු පාට
තවත් නෙක දැක පුරුදු
පෙට්ටියේ නැති පාට

එකිනෙක මුසුව - වෙන්ව
සියුම් රේඛා අතර 
අපිළිවෙළකට ඇඳුන
තවම තෙත එ සිතුවම

ඇස් පුරා විඳිනතර
බිඳ දමා සිත් දැහැන
සිත්තරා මහ හඬින්
හඬගසන හඬ ඇසිණ

"හෙළිකරමි මෙහි රහස
බලව් මේ දෑත් දෙස
පින්සලය මනාකොට
හසුකර දෙවන කරගැට"

චිත්‍රයේ ගනකමට
තැවරී තිබෙන දහදිය
දුක් ලැබ බොහෝකොට
නහර ඉල්පුන හදවත
දිස්වෙන නමුදු විනිවිද
වර්ණ රේඛා හැඩතල 

සිත්තම අසල දැන්
කිසිවෙක් නොමැත කියවන 
සිත්තර දෑත වටකොට
සොයති විස්මිත කරගැට

වියළි


කුඩමැහි පිළී ගඳ පණ අදිනා වැවක
කට කාරවන කිවුලැති ලිඳක පතුලක
අව පැහැ උතුරු සලුවෙන් වැසුණු පපුවක
සෙවුවෙමි නමුදු නොදිටිමි ඒ කිසිතැනක

පොළොං දළ ඇණුනු මඩ තැවරුණු පයක
මිතුරු තොමෝ ලය හැඳි කිණිසි පහරක
දෙකම්මුල් තැලුණු සිරිකතක මුවගක
අජාසත්ත ‘අතගෑ’ පැසුණු සිරසක

ගලනා අනවරත රත මිස අන් තැනක
කොයිදෑ තෙතක් මේ සා වියළි පොළොවක

වසන්තේ කෙලවර




රොබරෝසි ඉපල් අග
අලුතින් ගෙපැල් අටවන
කරව් කරනා මිතුරන්,
බෝ වැඩ අතර වුව
ඇඳ තිබුණි
මල්- මඟ
කිසිත් අඩුවක්  නැතිව
විසිරි වසුරින් හැඩකොට

වසන්තේ කෙලවර
මලක් අතකින් අරගෙන
හෙමි හෙමින්
ඇවිද එනයුරු දැක

Related Posts Plugin for WordPress, Blogger...