Saturday, September 22, 2018

මතක පැහැසර


විරංජිත විජිතයේ කැලතෙන
වියලි සුදුමැලි සුලං දල රළ
ඔක්සිකාරක හුස්ම විසි කර
සැනින් උණුකර හරිත පැහැසර

දේදුන්න - සමනල පියාපත
මල් පෙත්ත - ලා දළු ඉහින තෙත
නිල් අඳුර - රතු තැඹිලි දහවල
සිතුවමකි තව නොමැකි  හදබිත

බිරම් සිහිනෙකි සැබෑවට මෙය
බලන් ඇස්පිය ඇර ඇතුලු හිත
කලු - සුදුය හිඳහිටක අලු වෙත   
එකම අතකට වෙනම ඇවිදිත  

ඉස්කෝල පොත් පිටක හිරවුණු
සප්‍රාණවාචී වු මතකෙක
සොප්‍රානෝ ස්වරයකින් ඇවිලෙන
ශ්වේත හස ගීතනුව ඇසුනිද?


Related Posts Plugin for WordPress, Blogger...