Sunday, July 29, 2012

අන්තිම අකුර..

චට පට චූ...ස් ඩොං
හඬ නගා පුපුරයි
දුම් දමා ඇවිළෙයි
ගිනි තැබූ හෝඩියේ..
 අවසාන අකුරත්

දෑස් පිස යලි බැලිමි,
සිහිනයක් දෝ සිතිමි..

වෙන දෙයක් බල බලා
දෙන දෙයක් ගිලදමා
දෑ පෙමින් නිදි වැදුනු
අරුම රට වැ
/ව+ස්සෝ ද,

කඩ පළට අරන් ගිය

ගෝනි පන් මලු මඳක්
බිම තැබූ ඇදුරෝ ද,
බඩ පුරා මොළය ඇති
හිටපු, මහ කෙරුමෝද
 
සිතිජය උඩින් යන්න,
අහස් කූරක් වෙන්න
සිහින දුටු සිසුවෝ ද..

අළු ගසා අවදි වී
පිනුම් කරණම් පාති
උපවාස පුවරු යට
රොතු පිටින් බිම දපති

එකම පැනයකි මසිත,

මුල් අකුරු විසි පහට
නැති අමුතු ප්‍රේමයක්..
කොහෙන් ඉපදුනා දෝ
යකඩ හදවත් අතර.
අවසන් සුසුම් හෙළන
අවසාන...
එකම එක අකුරකට???




Friday, July 27, 2012

මව් නමින් උපන් කුමරා..

කුමරු කුස නූපදින බව දැන
බැනුම් අවමන් මැදින්
සොවින් හිස්ගැසුම් කන
ඉරණමින් මෑණියන් වෙන්කල

උපන්දා සිට නුඹ
උසින් මහතින් උස්කර
බලා සිටියාය ඈ
වැඩෙනයුරු පුතු ගත
ඇවරියෙන් ඇවරිය හිරි ඇර..
දරු බරට කරු වලින්
පවා නිසි පුද ලද

තවත් වදනා බැරිව
ඉතිරි කර නුඹ ලොවට
නික්මුනත් සැනින් පිහි වතක
මුවහත සිඹ

උතුම් වූ පුත නුඹය
උතුම් මරණෙක සුවය
මවු නමට සෙනෙහසින් පුදකල

Friday, July 20, 2012

නොතෙමුන කඳුලු


මල් වැහි වහී හන්තානේ හතර             වට
තරඟෙට නැගෙයි පෙම් රළ මහ වැලිය පිට
ගඟුලක් පිරෙව්වත් දිය කඳ බිමට          වට
කඳුලුත් රැඳී ඇත නොතෙමෙන වදුලු    යට

Sunday, July 15, 2012

මග බලමි..

දවස මියැදෙන හවස අඳුර මැද
මග බලමි පමා ඇයි සොඳුර අද
ඇවිත් යහනට වැදී පුරුදු ලෙද
මුදු අතින් මගෙ දෙනෙත් වහනවද

සුමුදු තොල් පෙති අගින්,
ලෙහි සුසුම් හෙමි හෙමින් උරනවද
තව තව තදින් වැලඳ,
හීන ඇහිපිය යටින් තියනවද
සදා එලෙසම ඉන්න,
නොයා හෙට උදයෙන්ම,
දමා තනිකර නපුරු එළිය මැද..
හැකිද නිදි දෙව්ලියේ කියනවද..

Saturday, July 14, 2012

නාඳුනන තුවක්කුකාරිය..

පෙර දිනක දහවලේ
දෙනෝ දහසක් මැදින්
මතුවෙලා එක සැනින්
හදවතට වෙඩි තබා පලා ගිය
නමුත් මැය
නිදොස්මය,
ස්වාමීනි..
වරද මා අතමය..
දමා ආවේ මමමය,
නොබෝ කලකට පෙර
ඈ අතින් ම අත ලූ
වෙඩි නොවදිනා
මැජික් මුදුව..

Friday, July 13, 2012

අපේ පිනට..


"මෙත් බුදු" පහළ වී ඇත දකුණේ කොනක
"බෝසත් පුතෙකි" පුරනා පෙරුමන් තැනක
"සකදා ගාමි" හිමි දම් දෙසනා විටෙක
ගෝතම සමිඳු විහරති "මාළිගාවක"

Thursday, July 5, 2012

නො නිල කව..

නො ලද මුත් ඉඩ හසර
ලියා පළ කරන්නට,
ගයා ස්වර නගන්නට
අපිට අපි  ආදරෙන්
අකුරු කල ඒ කවිය..

ඔතා සුසුමක තදින්
නල රළක පා කරමු..
මුහුව හමනා පිණිස,
සිසාරා සිව් දිගම..
සරසවා.. ස්නේහයේ,
සොඳුරු වූ සිසිළසින්...
Related Posts Plugin for WordPress, Blogger...