Friday, December 25, 2015

නත්තලට ඉඩ දෙන්න!



කොයිතරම් නම් දවස් ගෙවුනාද?
කුරුසගස පැළවෙලා දළුලන්න
කල්වාරි කලුවර කපාගෙන
මුදුන තරු පොඩිත්තක් පූදින්න
පොරෝකරුවනි , වඩුවනි,
ආයෙමත් හිතේවිද නුඹලාට
එතුර සිඳ කුරුසයක් තනවන්න?
නොතිත් වධ වේදනා
ඉවසන්න හැකි නමුත්,
නොහැක යළි මරණයෙන් නැගිටින්න..
දෙයියන්ගෙ නාමයෙන්
මේ දෙසැම්බර් අගට
නත්තලට එළඹෙන්න ඉඩ දෙන්න!

Saturday, December 19, 2015

සීත සමයෙහි නවතිමි!!




හිම හිස්වැසුම් ගලවා
වසන්තය සිපගනිති
උණුසුම්
කඳු මුදුන්..

පෙනෙයි 
රළු පරළු 
ගල් උල්,
තැනින් තැන 
පොඩි මල්..

ගැහි ගැහී ඇඳි 
සිතුවම,
කුඩා කවුළුව වසා
අලවමි..

සීත සමයෙහි 
නවතිමි!! 
Related Posts Plugin for WordPress, Blogger...