Monday, March 25, 2013

නුඹට කියන ගී..

ගලන සරසවිය අස්සෙන් 
රහස් කියන දොළ පැත්තෙන් 
පළා ගිරා ගීයක් ගිලි ගිලී මතුවෙනා..
දියේ පෙණ කැටිති හරියට 
නුඹේ හසරැළිති වගේම ය 
උනුත් කියනවා අහපන් ටිකක් නැවතිලා.. 

පිණිත් එක්ක හරි හරියට 
කුසුම් පෙති වහින හවසක 
උඹත් තෙමි තෙමී එනව ද මගෙත් එක්කලා..  
හිතේ ඇවිලෙනා හිතිවිලි  
තොලින් ගෙන සීත කොපුලත 
තියන්නට, දෑස් වහපන් ටිකක් නැවතිලා.. 

2 comments:

  1. ඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...