Wednesday, March 20, 2013

අසම්පූර්ණ ප්‍රථම ෆැන්ටසිය

උතුරින් උපුල් උවනත්
දකුණින් දසන් දෙපෙළත්
පෙරදිගින් පුන් ලැම හස්
අවරදිග අතැඟිලි රත්
ගිණිකොනින් ගෑ පුසුඹත්
වයඹින් වසාරොද  විත්
නිතඹ නිරිතෙන් නැලවෙත්
ඊසාන හී සර ඇස්
යහන් ගැබ වට කරගත්

ගුලිව වකුටුව තවමත්
කුමර බඹසර නිදිගත්,
නුදුරු ඉරණම නොම දත්..!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...