Saturday, March 23, 2013

අන්ධකාරයෙන් ඇබින්දක්..

ඇඟිල්ලට අරන්
ඒ අන්ධකාරයෙන් ඇබින්දක්
දිවගා බලමි නිකමට
මං, හැමදාම කරන විදියට

උගුරට හොරා ගිලගත්තු
හිතුවක්කාර හිතුවිලි ගුලිය 
දඟලලා වමනයට එන ගතිය  
ගෙනෙයි ඒ තිත්ත කළුවර කැටිය

ඒ වුනත් ..

ඔරවා බලන හඳක 
එලිය බැල්මට වැඩිය
ඒ තිත්ත මට හුඟක් පැණිරස ය

1 comment:

  1. බොරුවක් නෙවෙයි, තවමත් බැරි වුනා හිතාගන්න තේරුම.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...