Sunday, March 3, 2013

" මම තවම පණ පිටින් "

හිස්ව ඇති බව දැනුනි
දිවි බඳුන..
පතුල කැලතූ කල
හසු නොවුන විට,
මිහිදන්  සිහිනයක
දිරාපත් ශේෂයක් වත්,
කාන්සිය දැනෙන විට
අතට ගෙන හුරතල් කල

ආත්මය විනිවිදින
තියුණු වේදනාවකි
විදුලියක් සේ ඇදී ගිය
හදවත දෙසට..
දබරැඟිලි තුඩගින්
රක්ත ලේ බිඳුවක්
ආයාසයෙන් උණා විත්..
ඇමිණී තිබූ 
රෝස කටු පොසිලය
පොඟවමින් තිබුනි..  

ප්‍රමුදිත සිතින්
ලියා තැබුවෙමි
කලකින් නොලියූ දිනපොතෙහි
අද දිනට අයත් පිටුවේ
පොල් ගෙඩි අකුරෙන්

" මම තවම පණ පිටින් "


3 comments:

  1. අවසානයේ මම තවම පණපිටින්..

    ReplyDelete
  2. http://baduraasapuwa.blogspot.com/2011/04/blog-post.html

    මගේ පළවෙනිම බ්ලොග් පෝස්ටුව ...
    ඒකෙත් මාතෘකාව "මම තාම පණ පිටින්"
    :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...