Saturday, April 28, 2012

පරණ පරඬැල්

විසිරුනු හතර වට
පරණ පරඬැල් එක් කොට
අතුගා මුදුන් කොට
ගෙමිදුලෙහි කොනකට
ගිනි කූරක් ද ලං කොට
බලා හිඳිනෙමි දුර සිට
අළු ඇවිත් හුළඟට
කඳුලු උනවයි දෑසට

3 comments:

  1. මතකයන් දැවි දැවී
    අලුවෙනා මොහොතකදි
    සුරතේ රැදි ගිනුකූර
    අවුලවයි ලයේ ගිනි

    ReplyDelete
  2. කඳුලු උනවයි දෑසට
    අතීතය අළු කර, නැගෙන ඒ ගින්නට
    දෙනෙත් වලටත් වැඩිය, දුක දැනෙයි හදවතයට

    ReplyDelete
  3. කසල ලෙස එක් කොට
    දවන මුත් ඈතින් සිට..
    බැරුව හැර යන්නට
    ලොබින් හෙළු සුසුමට..
    නගාගෙන අළු දෑස් තෙත් කොට
    සුලගකට දෙස් තියනු කුමකට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...