Friday, April 27, 2012

අලුත් කවි පොත...

සොයා ගෙන නුඹ අත
පළා ආයෙමි නවාතැන වෙත
තබා යහනත මත
බැලිමි හැඩ දුර හිඳ යොමා නෙත

දිලෙන පිට ඔපයට
නැගී එන ඔය නැවුම් පුසුඹට
නොවේ ඒ රසයට
ඇළුම් කෙරුවෙමි මම එදා සිට

දොවාගෙන ඇඟපත
අවදි කර යලි විඩාබර ගත
එන තුරා නුඹ වෙත
මඳක් රැඳියන් "අලුත් කවි පොත"

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...