Wednesday, April 18, 2012

වැවු පතුල...

ඔබේ සෙනෙහස් ගඟ හරස් කර..
මතකයේ ගම් දනවු යට කර..
ජීවිතේ කෙත් උයන් සරු කර..
තැනූ වැව, පිරි මහරු දියවර..

නඟන පෙන කැටි සිනා රළ පිට..
නොසිඳෙනා මුත් නියං සමයට..
අඩුවෙලා දිය පිරුණු මතුපිට..
යලි පෙනේ වැවු පතුල ඉඳ හිට..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...