Saturday, October 6, 2012

හිනා මූණ..

වසන්තයක, හිනා පිපුනු
සිනා සිසී තිළිණ දුන්නු
හීන් ඇඟිලි තුඩින් මැවුණු
සිහිවටනය, හිනා පිරුණු

ලාච්චුවේ, පොත් අතරේ අඳුරෙත් දිළිහෙනා          මූණ
තාමත් අපි හිනා වෙතැයි හිතන් හිනා හළන          මූණ
අතට අරන්, හොරෙන් බලා ආයෙත් හංගනා         මූණ
මගේ නොවුන නුඹේ හිනා මගේ ලඟට ගෙනා       මූණ

ඉතින් අවැසි නම්,
ආපිට, ගෙනා හීන
අරන් යන්න, කම් නැහැ
මගෙ, "හිනා මූණ"

5 comments:

  1. යතාර්තය හැන්ගිලා පද අතර අපුරුයි ජය....

    ReplyDelete
  2. එක පාරට හිතාගන්න බෑ තමයි, ඒත් එක තේරුමක් හිතාගන්න කීපවරක් කියවන්න උනා. එකෙත් හොද රසයක් තියෙනවා. ජය

    ReplyDelete
  3. උදව්වක් කරන්නම්, මේක පොඩි තෑග්ගක කතාවක්.

    ReplyDelete
  4. මරුනේ.. මොකක්ද කියල හරියටම නම් හිතා ගන්න බෑ. මුලදී හිතුවේ ෆොටෝ එකක් කියලා. ඒත් එහෙම නෙවෙයි වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...