Monday, October 22, 2012

බටිච්චෝ..

ගොම්මන් කළුවර කැට කැට
කාන්දු වෙනකොට    කුටියට
පාලුව ලියලයි හිත          යට
උඹෙ ඔය කවියේ     තාලෙට

හිත දුක් ගන්නේ කුමටකට
වරෙන් උඹත් මේ  පැත්තට
හීන තියන් ඉහ කොට්ටෙට
නිදා ගනින් එක      හුස්මට

මාත් එක්ක හෙට උදේට
ඇහැරෙමු ඉඩ දී එළියට

2 comments:

  1. වෙනද වගේම ලස්සනටම ලියලා අදත්

    හීන තියන් ඉහ කොට්ටෙට
    නිදා ගනින් එක හුස්මට

    මේ පද දෙකම හරිම ලස්සනයි

    ReplyDelete
  2. වෙනද වගේම මගේ ස්තූතිය, ප්‍රතිචාරයට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...