Friday, October 12, 2012

නොවැදුනු හය..

දුබල වුනු පන්දුවට
ඉරෙන් ඉදිරියට පැන
වැරෙන් දුන් පිති පහර
හයක්(%) යැයි මුලා වී
ප්‍රීතියෙන් පරල වී
අපි තැලූ අත්පුඩිය
නිහඬ කර..
පිතිකාර මහත්තුරු
එකම එක ලකුණකට
පැති මාරු කරගෙන ය
ඈවරය තරඟය!
මදැයි, 
නි ලකුණු නොවුනි
අනූ නව වැනි
ඕවරය


6 comments:

  1. කටුක ඇත්ත... :/ මාස තුනක් තිස්සේ අපි පාරට බැහැලා කෑ ගැහුව්වේ මේකටද කියලා හිතෙනවා..

    ReplyDelete
  2. උඹලට හූ කියන්න හිතෙනවා ඒත් මම එහෙම කියන්නේ නැහැ

    ReplyDelete
  3. මෙය පරාජයක් නොව පසු බැසීමකි

    ReplyDelete
  4. මට නම් ඕක මුලදිම තේරුනා.විශ්වවිද්‍යාල කොල්ලෝ නටන්නේ කාගේ හරි උසි ගැන්වීමකට.

    ReplyDelete
  5. යමක් කියන්න තාමත් ඉක්මන් වැඩි කියලයි මම හිතන්නෙ.කොහොම උනත් කෙනෙක් මතම සම්පූර්ණ විශ්වාසය තියාගෙන අනිත් සමස්ත රටවැසියම බොරුවට බලන් ඉඳල දැන් ඒ පාර්ශවය ඉවත් උනාම යමක් කියන්න අයිතිය තියෙන්නෙ ඒකට එළිපිට උදවු කරපු පාර්ශව වලට විතරයි.හැමදෙම ෆුටා එක කරයි කියල හිතන්න බෑ.රටේ මිනිස්සුන්ට මේකට විරුද්දව නැගිටින්න ඔනෙකමක් නැතුව මේ දීපු උත්තේජනෙන් පලකුත් නෑ.එයාල එයලගෙ පඩි වැඩි කරගන්න ගමන් රටේ මිනිස්සුන්ට තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඔනෙ කියල නිකන් පෙන්නුව විතරද කොහෙද.අපිත් ලාවට වගේ පොඩ්ඩක් කඩෙත් ගියා.එච්චරයි

    ReplyDelete
  6. හ්ම්ම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...