Monday, October 1, 2012

ඔත්පළ පැතුම..

කෙඳිරියක් ඇසූවෙමි
නලාවෙන් ලය තැබුන
හති ලමින් යළි යළිත්
මහළු හදවත නගන

ඔත්පළව ලෙඩ ඇඳක
වැතිර දහ දුක් විඳින
ඇඟ මසද ටිකෙන් ටික
ඇඳට දිය වී දිරන

බේත් පෙති, නාස් බට,
නහර වැල් කටු ඇනුන
බිඳෙන් බිඳ සේලයින්
ලේ හිඳුනු ගත උරන

හිටිවනම එළිය වී
මොහොතකින් යළි නිවුන
පුතු දකිනු රිසි දෑස්
තවත් නින්දම යදින

4 comments:

  1. යතාර්ත්ය කල්පියතය හැලපිම නිර්මනාත්මකයි ජය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...