Wednesday, October 24, 2012

කියන් නුඹේ ආදරේ..

උදා නැවුම් ආකහේ
ඉරක් ඇඳේ මීදුමේ
වලාකුලී සීතලේ
සිනාසලයි හෙමින් සැරේ

වසත් සමේ මායිමේ
කුසුම් පිපී ස්නේහයේ
සුගන්ද වූ මාරුතෙ
එතී නුඹේ කෙහෙ රැලේ
 
කියයි මගෙ ආදරෙ..//
 
සුසුම්, රිදුම් මකයි හිතේ
ලකල් සිනා සුපුල් වතේ
වදන් වැලෙන්.. ගී පොතේ
ඇඳේ කැලුම්.. නිල් නෙතේ

බොහෝ දුරයි ජීවිතේ
දැනෙවි දුර්ග මාවතේ
එතොත් වෙලී මා වෙතේ
දුකත් රහයි, මීවිතේ
 
කියන් නුඹේ ආදරේ..//

6 comments:

  1. එතී වෙලී නුඹ ගතේ
    කව්ද කිව්වේ ආදරේ...

    ReplyDelete
  2. අයියා ගහමුද සින්දුවක්? මරේ මරු

    ReplyDelete
  3. තනුවකුත් දැම්ම මමම. ලඟදිම කරන්න ඉන්නෙ ..

    ReplyDelete
  4. aththatama lassanai.. ayyo sinduwak karanna epa oka ayye..me tiyana chora sindu asse okath giyama oke gathiyath nathiwenawa

    ReplyDelete
  5. සින්දුවකට යන පද ටිකක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...