Wednesday, October 17, 2012

අමතකත් ඇති..

ඔබට අමතකත් ඇති
ඉකුත් උඳුවප් දවස්
මේ තරම් හීත වැහි නොවැටුන..

ඔබට අමතකත් ඇති
දුරුතු මීදුම් සවස්
මේ තරම් තෙතට පිනි නොදැනුන..

ඔබට අමතකත් ඇති
නවම් හුළඟේ රහස්
මේ තරම් දුරස් වී නොඇසුන..

ඔබට අමතකත් ඇති
ඒ දවස් හරි වෙනස්
මේ තරම් රැය හෙමින් නොගෙවුන..

2 comments:

  1. හරිම ලස්සනයි .....ජයම වේවා....

    ඔබට අමතකත් ඇති
    ඒ දවස් හරි වෙනස්
    මේ තරම් රැය හෙමින් නොගෙවුන..

    මේ පද ටිකනම් හිතට හරියට වැදුණා....

    ReplyDelete
  2. අමතක නොකර, කුරුටු ගෑ අදහසට ස්තූතියි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...