Thursday, October 11, 2012

සිහිනයෙන් දුටු මළගම..

සොවින් බර වැකි වදන්,
සිය ගණන් ඇඳී ඇත.
මුහුණු පොත් පිටුවේ..
විදුලි ලිපි ගොනුවේ..

මට හිමිව තිබු සිරුර,
අවසාන ගමන් යයි,
ගිනි දිළෙන නගරේ..
රොබෝ අත් අතරේ..

එන්න ඉඩකඩක් නැති,
නෑ සුමිතුරන් එවූ,
ඉටි කුසුම් අතරේ..
ගත නිදන අතරේ..

ගන්දබ්බ මා මනස,
මළ මතක අවුස්සයි,
ගිලුනු බව කතරේ..
නොපළ කවි අතරේ..

4 comments:

  1. මායව අතුරින් යතාර්තය අපුරුවට ගලපලා ලස්සනයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...