Monday, December 24, 2012

ඔපීසියට ගියෙමි..

ඔපීසියට මං ගිය දා
අවසර කඩදහිය ගන්ඩ
ඇසු දුටු සුන්දර මතකය
හිතුනා කවියක ලියන්ඩ

පහළ කවුන්ටරේ තියෙන
පෝරමයක් පුරවාගෙන
උඩට ඇවිත් හති දාගෙන
ඉලක්කමක් ලියවාගෙන

ඊට පස්සෙ ආයෙ යටට
යටින් උඩට, උඩින් යටට
ඒ අස්සන මේ අස්සන
බලන් ඉන්ඩ හරි ලස්සන
 
ඒ මිස් තේ බොන්ඩ ගිහින්
ක්ලාර්ක් මහත්තය නිවාඩු
අනේ ඔවා මං දන්නෑ
එයා තාම රැස්වීමක

මේකෙ මෙතන වැරදි වගේ
ටිකකට අතනින් අහන්ඩ
අපි හොයලා බලනා තුරු
එලියෙ වාඩි වෙලා ඉන්ඩ

අඩුවක් නම් නෑ පේන්ඩ
තව නෑ මොකවත් කරන්ඩ
ඒත් වෙනව දැන් වහන්ඩ
ගිහින් ආයෙ හෙටත් එන්ඩ

3 comments:

  1. Rajaye karyalayakin wadak karawa ganna giyoth ohommamai..

    Dawas ganak rastiyadu wewi,katta kanna one.
    Epama wenawa..

    Kawi pela harima apurui..
    Jayama Wewa !!!

    ReplyDelete
  2. ස්තූතියි!!!
    දිගටම සඳපහන කියවන්න ඇරයුම්!!!

    ReplyDelete
  3. ඔය ඔපීසිය
    නො 385, පූජ්‍ය බැද්දේගම විමලවන්ස හිමි මාවත,. කොලඹ 10
    නෙහ්?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...