Wednesday, December 5, 2012

මකුළුවෝ..

කොසු පහර දෙක තුනක
අවම බලයෙන්, සැනින්
වැනසුවා තම යි මං
බිත්ති මුල්ලේ උඹ කරපු 
අනවසර ඉදිකෙරුම්, 
දිගට....හරහට
හරහට....දිගට
අහන් ඉන්නම බැරි තැන
අපිළිවෙල කුටිය ගැන
ගැයුනු වරුණා තැන තැන

දැක්ක මං දුවන හැටි නොපා කිසි           එදිරියක්
දැං කොහොම උඹේ ගෙට ගෙවන්නේ   වන්දියක්
අටවගෙන ඔය ගෙපැල ආයෙමත්           වංගියක් 
වරෙන්, මට දොස් කියයි, රවන හිස්       බිත්තියත්


2 comments:

  1. හික්ස් දැන් නත්තල් කාලේ නිසා අපේ ගෙදරත් ඔය මිෂන් එක ක්‍රියාත්මක කරන්න ඕන.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...