Friday, December 21, 2012

හීනෙන් දුටු හීනය..

 

හීනියට ඇස් අගින් හිනාවෙන
කිරිකහට පාට සියොළඟ දිලෙන
යව්වනය පිරී පුපුරා හැලෙන
සංවරය ඉරා ගිනිලා දවන

නුහුරු සිංහලෙන් කොහොමද අහන
නමුත් හුරුපුරුදු ගතියක් දැනෙන
කෙටි වරළ නටා වත කිති කවන
වෙරළු මල් රෑට හීනෙන් පිපෙන

2 comments:

  1. මේ කියන්නේ පිට රට බවලැතියකට හිත ගිය කෙනෙක් ගැන නොවෙද...සංවරය ඉරා ගිනිලා දවන කිවේ මම හිතන්නේ ශීලාචාරකම් කියන එක ගිනිතියලා කියලා වෙන්න ඇති..

    ReplyDelete
  2. යම් දුරකට මම හිතපු දේට සමානයි ඔබේ අදහස!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...