Wednesday, December 26, 2012

එන්න අපි ජීවත්වෙමු..

කඳු ගැහුනු ප්‍රාර්ථනා
පොදි ගැහුනු වගකීම්
ගොඩ ගැහුනු යුතුකම්
අතරේ..

ටිකක් එහෙ මෙහෙ
විපරමෙන් ඇවිද්දොත්
බැරිවෙන එකක් නෑ අපට
හොයා ගන්න
පුංචි ඉඩකඩක් හරි
නිදහසේ ඉඳගන්න

ඒත් ඉක්මන් කරමු
එතන ඒ පොඩි ඉඩත්
ඇහිරෙන්න කලින්..
එන්න අපි ජීවත්වෙමු
මේ තියෙන විදියකට..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...