Tuesday, December 25, 2012

ආයෙමත් අපි..


හමුවිය ඔබ
කලෙකින්, අහම්බෙන්..
සීත මැදියම් රැයක..


ඩිජිටල් රුවක් ලෙස
ආරෝපිත ද්‍රව ස්පඨික
එකිනෙක මුහුව තැනුන..

විඩාබර දෑස් පියවින
මුලු ලොවම නිහඬවින
කාලය නතරවින
මඳකට..

හුරුපුරුදු සුවඳක්
කළුවර කුටිය තුළ
පැතිරෙමින් පවතිනු දැනුනි..

පිසදමන අතර තුර
දෙතොලෙහි ඇළුණු
ලා දුහුවිල්ල,

කලෙකින් නොපිසලූ
පරිගණක තිරයෙහි මතුපිට
මොහොතකට පෙර 

පැලපදියම්ව සිටි

2 comments:

  1. සුබ නත්තලක් වේවා ඔන්න අදම තමයි මේ පැත්තට ආවේ. දැන් හැමදාම එන්නම්.මගේ රෝලට දාගත්තා මෙතැන.

    ReplyDelete
  2. එසේම වේවා!!
    සාදරයෙන් පිළිගන්නවා සඳ පහන යටට!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...