Thursday, December 20, 2012

රාත්‍රිය තනිකඩය...

දිවා කල මල් පිපුන, පරවුණ
ගෙවී රෑ දවස ආයෙත්    එන
මං එක්ක කලුවරේ තනි වුන
බීර මල සිපගනිමි      අදරින
   
තරු අහක බලා        ඇසිපියලන
සඳ වළා වට කරන්         නිදියන
කලබලෙන් තටු   ගසා    ඉගිලුන
වවුලෙක් ය ඉබාගාතේ        යන

බිඳෙන් බිඳ වීදුරුව                  හිස්වෙන
හිස්කමින් ඒ අඩුව                   පිරවෙන
හීන, පිනිපොදට                  දියබත් වුන
එහෙම්මම ඇස් පතුලෙ        බොඳ වෙන

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...