Friday, May 31, 2013

එන්න එළියට..

හතර පැත්තෙන් වටකෙරුව 
පරණ රාමුව, 
ඉස්සරහ දුවිලි ඇහිරුණු  
හීරිච්ච වීදුරුව, 
රිංගන්න බැරිනම් අස්සකින්, 
කඩාගෙන හරි, 
එළියට ඇවිත් බලන්න..
තවත් ඔතනම, 
බලාගෙන නොඉඳ..

පෙනේවි, කොයි තරම් කැත ද 
ඔය ඉන්න පින්තූරෙ 
කිලිටි වුන වට පිට 
ආයෙමත් නොහිතේවි 
මොහොතකට වත් යන්න 
ඉඩ ඇතත්, ඇතුලට...





1 comment:

  1. රාමුවක හිර වෙලා ඉද්දී ඒක තේරෙන්නේ නෑ. එළියට ඇවිත්ම බලන්න ඕන.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...