Friday, May 17, 2013

මහතෙකු සිටී සොඳින් (?)



කලකට ඉහත 
ගෙන ආ අලුත
එය කදිම කවි පොතකි 
මියුරු පබැඳුම් පිරි.. 
මත්ව තින්ත සුවඳින්  
වරින් වර  සිඹි...

බොහෝ දුර ගෙවා ගොස් 
මගෙ ලඟට යලි පැමිණි 
එය එකම එක කවකි 
අද ,
පැරණි කඳුලක තෙත 
අකුරු අතරට වැටී 
වියළුණු..
අමතක කල බව 
මොහොතකට අමතක වුන.. 

සොඳින් සිටිනා පිණිස 
'මහතෙකු' විලස ...

( මහතෙකු සිටී සොඳින් - පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පද්‍ය සංග්‍රහයකි )

2 comments:

  1. තාම කියවන්නට හම්බෙලා නෑ, හොයාගෙන කියවන්න ඕනේ.

    ReplyDelete
  2. කියවලා බලන්නකෝ. මම නම් ටික කාලෙකට ඉස්සර කියෙව්වේ .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...