Saturday, April 13, 2013

ප්‍රාර්ථනා !!!


පරෙවියන් පළහා ලොබින් බුදිනා 
අඳුරු දින යලි නොයේවා 
නිල ගුවන් තල සරසවාගෙන 
උන් පියා සලනා 
දවසකට ඉර පිපේවා  

වෘකයින් දැක ආදරේ හිතෙනා 
අඳුරු දින යලි නොයේවා 
සුනඛ දතකට, උකුසු හොටකට 
මස සිදුරු නොවෙනා 
දවසකට ඉර පිපේවා 

අපට අප පසමිතුරු ලෙස පෙනෙනා 
අඳුරු දින යලි නොයේවා 
නුඹේ කඳුලුත් මගේ තරමට 
සීතලට දැනෙනා
දවසකට ඉර පිපේවා !!!

3 comments:

  1. එසේම වේවා අයිය !

    ReplyDelete
  2. අපට අප පසමිතුරු ලෙස පෙනෙනා
    අඳුරු දින යලි නොයේවා
    නුඹේ කඳුලුත් මගේ තරමට
    සීතලට දැනෙනා
    දවසකට ඉර පිපේවා !!!
    ලස්සනම වචන ටිකක්....

    සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රසාද් අයියේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...