Wednesday, April 10, 2013

මැකී ගිය මඟ..

ජීවිතේ දාහයෙන්
දියවෙලා වැටෙන කොට,
පණකෙන්ද රැකගන්න
සීත හුස්මක් හොයන්,
සිහිනයෙන් ඇවිත් ගිය..

දිනෙන් දින පාට වෙන
අරුම සිතුවමක් බඳු
ඒ සොඳුරු නිම්නය ට,
ගල් බොරළු, කටු පඳුරු 
පවා කවියක් ම වුනු
මිනිස් කටහඬක් නැති
ඒ මිහිරි  අඩවිය ට..

ඇවිදගෙන ගියා මං
එදා වගෙ පුරුද්ද ට..
හද  බිමේ මඟ කියූ..
පා ලකුණු හොයාගෙන..

දෙවියනේ..

පිළිවෙලක් කරන්නට
හිතන් මගේ ලෝකය ම
උඹ උන්නු දවස් වල
රටාවට බිම ඇඳපු
ඉදල් පාරවල් මිස

එකදු පිය සටහනක්
ඉතිරි වී තිබුනෙ නැත..




3 comments:

Related Posts Plugin for WordPress, Blogger...