Friday, April 5, 2013

සරුංගල් විමුක්තිය

සරුංගල් සමුළුවක් විය
එක් සුළං සමයෙක 
මිහිපිටින් සැහෙන උසක

නයි , මොණරු , වවුලන් 
නොසතුටිනි සිටියේ 
උන් සැවොම ..
ගැට ගැහී හිඳුම ගැන 
නූල් පොටකින් තදින් 
කොලුවෙකු අතින් 
කෙළවර වෙන..

ඇනුම් පද වී ඇවිත් 
ඇණි ඇණී රිදුම් දුනි 
වට පිටෙන් පියාඹන 
කුරුළු කවි සින්දු ද..

එක මතයකට පැමිණ 
බිමට බැස්සෝය හැම, 
නූල් කෙටි කරවනා 
කළුවරත් එක්කම..

වැව් පිටිය පෙනෙන දුර 
ඉපල් තුරු අගිසි වල 
ඇමිණී තිබුණි 
සරුංගල් සියල්ල ම
පසුදින...!




2 comments:

  1. එක් වසන්තයක අවසානය වගේ තමා

    ReplyDelete
  2. වෙනස් මාතෘකාවක් ....ලස්සනයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...