Thursday, February 7, 2013

කැටපෝල සහ පිස්තෝල

සීයා හදා දුන්නු
කැට පෝලයෙන් ගලක්
බට්ටිච්චෙකුට මානයි
පොඩි පුතා

දිළිහෙන, දුබල ඇස් වලින්
බලන්, අර ඒ දිහා

පොඩි උන් අතට දෙන්න
එපා ඔය ආයුද
කියා ඊයේ හවස,
මං ගෙනා කැප් රෝල්
පිස්තෝලෙ, හන්ගාපු
තාත්තා..

2 comments:

  1. අනේ ද කියන්නේ...

    ReplyDelete
  2. ඒ දවස් වල අමාරුවෙන් කැටපෝලයක් හදා ගත්තම කොච්චර අපි සතුටු වෙනවද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...