Friday, September 21, 2012

ගෘහණියකගේ උදෑසන

මසා මල් පෙති මැසිමෙන්
තවරා පාට අයිසිං
අලුත් ආලේපයෙන් ඔප කර
විදුලි උඳුනෙහි පිසගත්
උදෑසන, 
අදත් කර වී ගියෙන්
නැඟී සිටියාය ඇය
ඇඳි කැඩුන පුටුවෙන්
තියන්නට, හීල් වුන රොටියක්
නො ඇලී තිබෙනු පිණිස
බඩ පොත්ත- පිට පොත්ත අතරින්

3 comments:

Related Posts Plugin for WordPress, Blogger...