Saturday, September 8, 2012

තත්පර අතර...

නිශාවම..
පාලු මූසල නිහැඬියාවකි
නෙක සියුම් හඬ අතර
ඇසෙන... නෑසෙන...
කට්ටයෙන් කට්ටය පැන
සද්ද කර හැල්මේ දුවන
ඔරලෝසු කටුව තනියෙම
තප්පරෙන් තප්පරය බිඳ ලන

ඈත දුර ගිය හීන
හොරෙන් අඩි තිය තියා
ආයෙමත් ලඟට එන
හඬ සොයා නො නිදමි
නවතා හුස්ම මඳකට,
බොහෝ දිගු තත්පර අතර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...