Sunday, September 2, 2012

අවාරේ මල් සුවඳ ..

වළා කෙඳි අතර හිඳ
තටු සලන කුරවි කැළ
ලගින්නට තුරු හිසක් සොයනවා

අවසාන එළිය බිඳ
මිරිකා අතැර බිමට
හිරු හැරී නිදි ඇඳට වැටෙනවා

හිස් උයන් කොන,
රැහැයි බස් අසන හිස් අසුන 
තවම පිනි හීතලෙන් තෙමෙනවා
 
අවාරේ එළඹුනත්
වැසුන කවුළුව අගින්
කොහෙන්දෝ මල් සුවඳ ගලනවා

7 comments:

  1. සේයා රුව ද පද වැල ද එකිනෙක ගැලපෙයි අපූරුවට!

    ReplyDelete
  2. හරිම ලස්සනයි. හරිම සන්සුන් හැගිමක් එනවා....

    ReplyDelete
  3. කාලෙකින් කියවපු ලස්සන සංකල්පනාවක්

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි හැමෝටම!!!

    ReplyDelete
  5. හරිම ලස්සන පද ටිකක්

    ReplyDelete
  6. ඔය මල් සුවඳට අවාරයක් තියේද ඇත්තටම? හැමදාම ගලනවා .. :)
    ලස්සනයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...