Monday, September 10, 2012

සොයමි ඒ සිත්තරාවිය..

සොයමි ඒ සිත්තරාවිය
අඳිනු හැකි මා පිළිබිඹුව..
සැබැවින්ම ඇති ලෙසට
බිඳුවක් ද අඩු නොකොට..

දකිනු හැකි විනිවිද,
අඳුරු උඩු හම, බොර දෙඇස..
ඉඳ හිට නැගී බැස යන,
අපැහැදිලි මදහස..

ඇඟිලි තෙලි තුඩගින්
උලා නෙක නෙක පැහැ එකට,
මතුවන පරිදි අවසන
කලු සුදු අතර සෙලවෙන
අලු පාට..
සැබැවින්ම ඇති ලෙසට..


2 comments:

Related Posts Plugin for WordPress, Blogger...