Friday, June 28, 2013

පසුතැවිල්ල


ගෙනියන්න බැරි නිසා 
ඉහ තියන් යනෙන තැන 
රහසේම හංගලා තියපු..
හෙමි හෙමින් කලු ගැහෙනු 
පෙනෙයි කවුරුත් නොදක 
රිදී රුව මං හිතින් නෙළපු.. 
රත්තරන් හරි ගණන් 
හිතන්නත් බැරි තරං 
සුකුමාර අත් වලම නිදපූ..
මත්ව සිතිවිලි මතින් 
ඉහ බමණ වෙලාවක 
මැටි වැඩක මහත පෙර කරපු.

ජිවිතයට ඉඩදෙමි




රෝස මහනෙල් වතුසුදු 
රොස් පරොස් යලි නොඅසමි 
රෑට විතරක් සුපිපෙන 
රෑ කුමාරි ට ලං වෙමි 

ගිමන් අහසින් මොර දෙන 
පවන් මිස වැසි නොපතමි 
ලවන් පවසින් නළියන 
පැලෙන්නට ඉඩ නාරිමි 

සොයන් සිහිළක් තැන තැන 
පයින් යන සිත කැදවමි 
හීතලට පෙන පුපුරණ 
වීදුරුව තුල ගිල්වමි

Sunday, June 23, 2013

දූත ගීතය



සැරද(?) මහ රජ !!

ඉතින් අප පැමිණියෙමු 
ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]
එවූ ඇරයුම් පිළිගෙන 
දුරු කතර ගෙවාගෙන 
හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..


බය නැතුව අරගන්න 
ඕo තියෙනවා ඕනේ සේරම 
සල්ලි මොකටද දැන්මම 
පස්සේ බැරියැ පොලිය එක්කම 

මෙන්න හැලුවා මල්ල ම 
අහුලා ගත්තොත් නියම පල්ලම 
රට වැසි දනන් හැම 
තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම

Sunday, June 16, 2013

කිරි, පැණි හඳෙන් ම ය ..


රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි           ඒ         බාලේ  
දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස     කාලේ 
කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට              ආලේ 
අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින  වේලේ

Saturday, June 15, 2013

කවි ලියන සඳ

රාත්‍රිය සිතුවමකි 
මනහර 

වැගිරෙනා සඳ 
උකුම උකු සඳ දිය 
නිරුදක සඳවතින් 
තේමා හරිමින් වට පිට 

හුදෙකලා කවියෙක් 
අකුරු ගෙන පන්හිඳට 
රටාවට අමුණයි 
පෙම් කවක 

ආදරේ සොඳුරු තැන් මතුවන..

Related Posts Plugin for WordPress, Blogger...