Friday, June 28, 2013

ජිවිතයට ඉඩදෙමි




රෝස මහනෙල් වතුසුදු 
රොස් පරොස් යලි නොඅසමි 
රෑට විතරක් සුපිපෙන 
රෑ කුමාරි ට ලං වෙමි 

ගිමන් අහසින් මොර දෙන 
පවන් මිස වැසි නොපතමි 
ලවන් පවසින් නළියන 
පැලෙන්නට ඉඩ නාරිමි 

සොයන් සිහිළක් තැන තැන 
පයින් යන සිත කැදවමි 
හීතලට පෙන පුපුරණ 
වීදුරුව තුල ගිල්වමි

1 comment:

  1. ටිකක් වෙනස් සිතුවිල්ලක්. ලස්සනයි. දිගටම ලියමු හිත කියන වේලාවට. ජය !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...