Wednesday, March 30, 2016

වැහිවලට ඉස්සර..


සීතකළ අවන්හල සීතලම කෙලවරක හීතලට ගෑවෙවී ඉඳගන්න, ඇඟිලි දිග හිමකිරම දිය වෙවී ගලනයුරු විඳගන්න ලජුබරව බිම බැලෙන රතු ගැහෙන මුහුණ ළඟ කැපුචිනෝ උගුරකින් පිච්චෙන්න කඳු මුදුනකින් ගෙනා මඟ වෙහෙස කසල බඳුනෙහිලන්න සංවහන වැසිවලට ඉස්සර ඉස්පාසුවක් වෙයිද හමුවෙන්න? කවුරුවත් නොකියවූ ගිම්හාන කවි, එකම හුස්මකට හුවමාරු කරගන්න...

8 comments:

  1. සංවහන වැහිවලට ඉස්සර හම්බුණාද දන්නෑ.. හිහ්..)))

    ReplyDelete
    Replies
    1. වැස්ස ඉස්සර වුනා !
      😥

      Delete
  2. ඇත්තටම ලස්සන අදහසක්.

    ReplyDelete
  3. ලස්සනයි.. කමෙන්ට් බටන් එක වරුවක් හෙව්වා..හික් හික්...

    ReplyDelete
  4. ස්තුතියි !!! සොයන්නාට සම්බවේ කියන්නෙ බොරුවටයෑ .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...