Tuesday, November 25, 2014

සඳෙන් අසමි



දිගු සංචාරයට පෙර,
සමුගතිමි

වත්ත පහළින් ගලන
ඇලේ මැඩි මිතුරන්ගෙන්
කුටිය අද්දර තුරු මත
ගී ගැයූ රැහැයියන්ගෙන්

හිරු නිවීගිය කළ
පිටත් වනු පිණිස
කඩුල්ල කරා ආ මට
ඇහෙන නෑහෙන ගාණට
සුසුම්ලන හඬ ඇසුණි
සමුදුන් ලබැඳියන්

වටහාගනිමි එය,
දුකකි පිය විප්පයෝගය

ඒත් ඇයි මේ
පිනි කඳුළු ?
මාත් එක්කම යන
සඳේ ඇස්වල..

4 comments:

  1. අමාරුවෙන් කියෙව්වෙ
    කවිය නං මරු
    ඒත් අකුරු හොයාගන්න හරි අමාරුයි
    පැහැදිල නෑ

    ReplyDelete
  2. අගේ අැති බ්ලොගයක්............ අදමයි මේ පැත්තට අාවේ...... බ්ලොගය නියමයි. දිගට ම ලියමු......... දිගට ම අපිත් ඒන්නම්...............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...