Tuesday, November 18, 2014

මධු මත් මතක ...

චන්ද්‍ර මඬල නමට පිදූ
මතක වස්ත්‍ර වළා පොටෙන්
මුවා නොවුණු තරුවක ඇස්
කතා කරනවා..

පාලමෙන් එගොඩ දිලිහෙන
පරාදීසයේ පැහැසර
මීදුමේ ඇලී බොඳ වී
හෙමින් මැකෙනවා..

දෑල දෙගොඩ පඳුරු තලා
මුහුද සොයා දිව එන්නට
ඌලකින් උනන දිය කෙඳි
පාර අහනවා..

ඔබා මධු බඳුන් පතුලක
නුරා විත් ඇනුණු හදවත
බොහෝ දිගු ගැඹුරු නින්දක
කෙනෙක් නිදනවා..



painting by Leonid Pasternak

1 comment:

  1. /////ඔබා මධු බඳුන් පතුලක
    නුරා විත් ඇනුණු හදවත
    බොහෝ දිගු ගැඹුරු නින්දක
    කෙනෙක් නිදනවා../////
    මේ ලෝකෙ ඉන්න 99%කගෙම ජීවිත අත්දැකීමක් උඹ ලස්සනට ලියල තියනව.

    ජය වේවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...