Tuesday, January 28, 2014

?????


සිතිවිලි පාට හඳුනන 
තෙලි තුඩ පුරුදු අතකට 
පපුවක් සිදුරු කරනට 
අසිපත් තුඩක් කුමකට? 

දෙවියන් මැරුණු යුගයක 
මිනිසුන් යලිත් මවනට 
කවියන්ට පෑනෙන් මිස 
අවියෙන් හරඹ කුමකට? 

හදවත් තියෙන, ඇහැරුණ 
වැසියන් මිසක රටකට 
"උතුමන්" අණට අවනත 
සෙබළුන් තවත් කුමකට? 

1 comment:

  1. අන්තිම කෑල්ල නං වැරදියි. හමුදාවට කොහොමත් උතුමණ් තමා ඒක අනිවා සංසිද්ධියක්.. රාජපාක්ෂීක වීම අනිවාර්යයි. අන්න ඒක අපිට තමා හරියන්නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...