Tuesday, January 14, 2014

ඒත් නොරිකෝ.,


 පොතේ හැටිය ට 
කබුකි , නෝ නැතුවට 
වලේ නළුවක රසින් ඉපිලී 
රිදෙන තුරු තැලුම ට 
අපට අත්පොඩි තිබුනා 

කඩදාසි ලන්තෑරුම් වල 
මද මුදු එලිය නැතුවට 
තුරු වියන අතරින් පෙරී ආ 
ලස්සන ම හඳ රැස් බිංදු 
පොළොන්නරුවට වැටුනා 

පසුබිමෙන් ස්වර වැයෙනා 
අවන් හල් වල කෝපි නැතුවට 
නුවර ටවුමෙ දි තිබහ දැනුන ම 
සීත කෝලා පෙන කැට 
අපේ තොල කට තෙමුවා 

"ඉක්මනින් හොයාගන්න 
ඔයාට ගැලපෙන කෙනෙක්,
පුරුදු වෙයි නැත්තන් 
නරක දේවල් වලට  "
පොතේ නැති දෙබසක් 
ඈ අන්තිමට කිව්වා  

"සකේ" උගුරක ට 
"ගේෂා" ගීයක ට
උඹේ අඩුව පුරවන්න බැරි බව 
මං දැනන් හිටියා 

එත් නොරිකෝ 
ඒ "නරක" දේ වලින් 
පොඩ්ඩකට හරි 
රිදෙන හිත හිරි වැටුනා .. 

3 comments:

  1. බුදු අම්මේ මේ පෙට්ටිය තියෙන තැන. හරියටම පෙට්ටිය තියෙන්න ඕන තැනම තියෙනවා වගේයි.. හැක්..

    ඒත් මේ ඒ නොරිකෝ සං නෙමෙයි..

    ReplyDelete
  2. පොළොන්නරුවට කොහින්ද සකේ? එහෙ තියෙන්නෙ වෙල් සකේ නේ....

    ReplyDelete
  3. දෙශකයා - ඔන්න ඇත්ත නොරිකෝ ව ම දැම්ම >
    රාගමයා - ඔය පොලොන්නරුව තියෙන්නේ පේරාදෙණියේ . :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...