Thursday, January 2, 2014

පහනක් විතරක්..


පොත් පිටු පෙරලා 
අකුරු අහුලලා 
එනකොට හොඳට ම හවස් වෙලා..
දළදා මළුව ට 
කිරි ගඟ ගලලා 
උඩු මාලෙට දුර හුඟක් වෙලා..
ඕලු නෙලුම් 
නිල් මානෙල් වතුසුදු 
සේරම පුදසුන් මත පිදිලා..
ඉස්සර වාගේම 
මේ භවයෙත් මම 
පහනක් විතරක් පත්තු කළා..

4 comments:

  1. පහනක් පත්තුකරන්න ලබන්නත් ගොඩක් පිං කරන්න ඕන.. :)

    ReplyDelete
  2. දළදා හාමුදුරුවනේ
    ඇසළ පෝය දවසේ

    ගීතය මතක් උනා සමුද්‍ර ලියපු

    ReplyDelete
  3. හරි ම ලස්සනයි.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි හැමෝටම !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...