Sunday, November 4, 2012

දළඹුවාගේ කවිය..

අමතකද සමනලුනි,
තොප සැවොම ගත කෙරුව,
ඒ දළඹු ජීවිතය..

පාට අත්තටු නැතිව,
අපිළිවෙල කටු බූව හම වැහුව..
මිහිරි මල් පැනි නොදැක,
දුටුව රළු කොළ යුහුව ගිල දැමුව..
දළ රිකිළි අතු අතර,
නිඳා නොනිඳා රැයෙහි,
පියඹන්න පින් පිරුව..
සරළවම කීවොතින්,
තොප සුහුඹුලන් කෙරුව..

ඒ දළඹු ජීවිතය,
අප ගෙවන..
අමතකද, 
මේ ගෙවුනු ටික දොහට?

2 comments:

  1. නියමයි. ලොකු ඇත්තක් මේක. ගොඩක් අයට අමතක වෙනවා කලින් තිබුණ දළඹු ජීවිතේ, මමත් ලිවුවා දවසක් දළඹු කවියක්. මේ තේමාව නම් නෙමේ.
    http://lokayekonaka.blogspot.com/2012/09/blog-post_24.html

    ReplyDelete
  2. ඒ කවියත් කියෙව්වා. වෙනස් තේමවක්,, ලස්සනයි.
    ස්තූතියි සබැඳියට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...