Friday, August 31, 2012

රෝමය ගිනි ගනී...

ගිනි ගනී රෝමය
අධි රජුනි බලනු මැන

ගිනි පුළිඟු ගිලිනයුරු
දුගී පැල්පත් පෙළ ම 
යට කරන් ගොවි බිම් ද, 
කඳුලු බොන කම් හල් ද
හුස්ම නැති, පණ අදින 
හිස්, වැසුනු, සිප් හල් ද 


තවත් සැඟවිය නොහැක
ඔබ ඔය වෙණ හඬට
වා තලය උණු කරන්
නැගෙන මහ විලාපය
ගිනි රැසින් තැවි තැවී
දැවෙන නුවරුන් නගන

ඉවත විසිකර වයන
මළ ඉලව් වීණාව
අණ දෙන්න ඇහැරින්න
මැති ඇමති සෙනඟ වෙත
නවතන්න පරදන්න
වියරු ගිනි රකුස් තෙම

එන නුදුරු නිමේෂෙක
අළු ව යන්නට කලින්
ඔබ නමින් අප තැනූ
නෙක සිරින් පිරි සොඳුරු
ඔය විසල් රජ මැදුර
තනිව නොව, සමඟ ඔබ...

4 comments:

  1. එළ කිරි .වචන දෙකක් නෑ.නියමයි.ලස්සනයි.

    ReplyDelete
  2. ස්තූතියි ධමිමික.. :)

    ReplyDelete
  3. 'ඔබ නමින් අප තැනූ..'

    හ්ම්ම්......එකඟයි ධම්මික සහෝදරයට!

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...