Sunday, July 29, 2012

අන්තිම අකුර..

චට පට චූ...ස් ඩොං
හඬ නගා පුපුරයි
දුම් දමා ඇවිළෙයි
ගිනි තැබූ හෝඩියේ..
 අවසාන අකුරත්

දෑස් පිස යලි බැලිමි,
සිහිනයක් දෝ සිතිමි..

වෙන දෙයක් බල බලා
දෙන දෙයක් ගිලදමා
දෑ පෙමින් නිදි වැදුනු
අරුම රට වැ
/ව+ස්සෝ ද,

කඩ පළට අරන් ගිය

ගෝනි පන් මලු මඳක්
බිම තැබූ ඇදුරෝ ද,
බඩ පුරා මොළය ඇති
හිටපු, මහ කෙරුමෝද
 
සිතිජය උඩින් යන්න,
අහස් කූරක් වෙන්න
සිහින දුටු සිසුවෝ ද..

අළු ගසා අවදි වී
පිනුම් කරණම් පාති
උපවාස පුවරු යට
රොතු පිටින් බිම දපති

එකම පැනයකි මසිත,

මුල් අකුරු විසි පහට
නැති අමුතු ප්‍රේමයක්..
කොහෙන් ඉපදුනා දෝ
යකඩ හදවත් අතර.
අවසන් සුසුම් හෙළන
අවසාන...
එකම එක අකුරකට???




3 comments:

  1. ෂඃ! කාලින කවි පෙළක්..ඇත්තමයි ලස්සනයි..අවසානයට මම ගොඩක්ම කැමතියි සහෝ!

    ReplyDelete
  2. අවසානයක් නොමැත එහි
    හොද හොද සෙල්ලම්
    එලිවෙන ජාමෙටය
    විබාගෙට සූදාන වූවෝ
    විබාගය ලියත්වා...

    අද උන්
    යනවයි කීවත් කැම්පස්
    හෙට නැතෙයි කියනු ඇත
    සූදානම හොදය
    අවදානමට වඩා...

    මම දන්න විදියට ලිවුවා. කියන්න තියෙන්නේ මෙච්චරයි. 2න්ඩ් ශයි ලේස්ති වෙච්ච උන් exam ලියපල්ලා. අද උබලා කැම්පස් තේරුනත් හෙට නැතෙයි කියන්න පුලුවන්. ලබන පාර ගොඩම යන්න ලියපල්ලා.

    සූදානම් උනේ නැති උන්ට නම් දෙයියන්ගේම පිහිටයි....

    ReplyDelete
  3. හිතෙන දේ ලියපු හැමොටම ස්තූතියි.....!!!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...