Friday, July 27, 2012

මව් නමින් උපන් කුමරා..

කුමරු කුස නූපදින බව දැන
බැනුම් අවමන් මැදින්
සොවින් හිස්ගැසුම් කන
ඉරණමින් මෑණියන් වෙන්කල

උපන්දා සිට නුඹ
උසින් මහතින් උස්කර
බලා සිටියාය ඈ
වැඩෙනයුරු පුතු ගත
ඇවරියෙන් ඇවරිය හිරි ඇර..
දරු බරට කරු වලින්
පවා නිසි පුද ලද

තවත් වදනා බැරිව
ඉතිරි කර නුඹ ලොවට
නික්මුනත් සැනින් පිහි වතක
මුවහත සිඹ

උතුම් වූ පුත නුඹය
උතුම් මරණෙක සුවය
මවු නමට සෙනෙහසින් පුදකල

3 comments:

Related Posts Plugin for WordPress, Blogger...