Monday, May 21, 2012

මුවැත්තී...


සංසාර සිහිනයෙන් වඩින මල් කිනිත්තී
සන්තානයේ සුසුම සුවඳ කල රුවැත්තී
පින්සාර සිනහවෙන් සිත සිඹින සිතැත්තී

හන්තාන අඩවියේ මං සොයන මුවැත්තී


අමාවක රෑ අහස පිපුන තරු සිඟිත්තී
සැඳෑවම සිතුවමකි ලඟක නුඹ හිඳිද්දී
නිඳා උන් කොවුල් රැළ නැඟී යළි ගයත් ගී
සිසිර සීතල මතක මකාලන වසන්තී

අළුත් තණ පතක අග දිලෙන පිනි බිඳිත්තී
ගලන දොළ මුමුණමින් ලෙලෙන දිය රැළිත්තී
මිදී හෙවණෙන් මගේ නොයයි නම් දුරස් වී
පුදමි නුඹ, දෝතින්ම ජීවිතය ගෙනැත් දී


2 comments:

  1. ලස්සන කවියක් කියවන් යද්දි මදියි කියල හිතුනෙ ලස්සන නිසා වෙන්න ඇති..

    ReplyDelete
  2. ඔන්න එහෙනම් මදියි කිව්ව හැමෝටම ඉතුරු ටිකත් ලිව්වා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...